www.vishwamovies.com

ඉස්කෝලේ කාලේ මැවිලා පෙනෙයි විශේෂයෙන්ම කියන්නේ 80 / 90 කාලයේ ඉපදිච්ච අයට නම් අනිවාර්යයෙන් ම මේක හොඳ මතකාවර්ජනයක් වෙනවා අනිවාර්යයෙන් ඇයි මම එහෙම කියන්නේ ඒකටත් හොද හේතූවක් තියනවා ඒ තමා ඒ අපිට තිබුණ ලමා කාලය දැන් තියනවද කියන එකයි


මයිකල්, ඇන්තනී, මදන්, රවී සහ රමන් එකම පන්තියේ ගැන්සිය. ඒ ඉස්කෝලෙ තියෙන්නෙ කේරලයෙ කොලම කොල පාට කඳු වලලු වලින් වටවෙලා ගිය ගමක…
අවුරුදු 30කට කලින් කට්ටිය ඉස්කෝලෙන් වෙන් වෙලා මේ යලුවො ටික සී සී කඩ යනව. මේ අතරින් මයිකල් යන්නෙ චෙකොස්ලෝවැකියාවෙ. එහෙ ඉඳන් නිවාඩුවකට අවුරුදු 30කට පස්සෙ එන මයිකල් එයාගෙ ඉස්කෝලෙ අනෙක් යාලුවො හතර දෙනාව හොයාගන්න හැටි, ඒ කට්ටියගෙ පවුල් වල වෙන ජරමර කේස් සහ අන්තිමේදි අවුරුදු 30කට කලින් රස බලපු ඉඩුක්කි ගෝල්ඩ් ගංජා ප්‍රභේදය හොයාගෙන කට්ටිය කේරලයේ කොළ පාට පිරිණු කඳු වැටි අස්සේ කැලේට රිංගන හැටි පැය දෙකාමරක් පුරා අපූරුවට දිගහැරෙනව…