www.vishwamovies.com

ජොනී සහ කාලි කියන්නේ ගමක ඉන්න ලෝක හොරු දෙන්නෙක්.දවසක් ඒ දෙන්නව ගමේ මෝලක් කැඩුවා කියල පොලීසියෙන් අරගෙන යනවා.පොලීසියෙන් එයාලව උසාවියට අරගෙන යන අතරතුර ඒ දෙන්නා පොලීසියේ තුවක්කු 2කුත් අරගෙන වාහනෙන් පැන ගන්නවා .ඔය අතරෙදි තමයි චෙන්නයී වල කැලයක ඉන්න රතු බල්ලන් නම් දරුණු සතුන් විශේෂයක් නිසා කැලේ කපන්න යන්න බයේ ඉන්න මිනිස්සුන්ගේ බය නැති කරන්න දඩයක්කාරයොන්ව හොයාගෙන එන ගමේ ව්‍යාපාරිකයෙක්ගේ සේවකයෙක් මේ දෙන්නව දකින්නේ. අතේ තුවක්කුත් තියාගෙන මේ ඉන්නෙ දඩයක්කාරයො 2 තමයි කියල හිතාගෙන එයා මේ දෙන්නව ඒ කැලේට එක්කගෙන යනවා. චිත්‍රපටය ගලාගෙන යන්නේ ඒ කැලේ සිද්දවෙන සිදුවීම් සමගයි. අපේ ජොනීට එයාගෙ මර්ලිව හම්බෙන්නෙත් ඒ කැලේදි තමයි. කැලේ ඇතුලේ නිධානයක් තියෙනවා කියල හොයාගෙන ඒ ගමේ MLA කෙනෙක් ඒ නිධානය අරගන්නවා. ඒක කාලි සහ ජොනි දකිනවා.කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නෑ වගේ තමයි එයාලත් කැලේකට ගියාට හොරකම නවත්තන්නෙ නෑ. ඒ දෙන්න ඒ නිධානය MLA ගෙන් හොරකම් කරනවා. 
zoom.lk