www.vishwamovies.com

ආදි කියන්නේ අපේ කතාවේ වීරයා.එයාට හවස 6න් පස්සෙ ඇස් පේන්නෙ නෑ. දවසක් මෙයා ගමනක් ගිහින් එද්දි හවස පාරෙදි මෙයාගෙ බයික් එක කැඩෙනවා.මෙයා ඉතින් යාළුවට (sathish) එන්න කියල කෝල් කරලා එයා එනකම් බීච් එකට වෙලා වාඩිවෙලා ඉන්නවා. එත් ඒ බීච් එකේ කේ.පී කියන මැරයගේ වැඩවලට උදව් කරන විමලාරාණි කියල මහාචාර්‍යවරියකට එරෙහිව ලොකූ විරෝධතාවක් තියෙනවා. එත් මෙයා ඒ ගැන කිසිම දෙයක් දන්නෙත් නැතුව එතන වාඩිවෙලා ඉන්නවා.කොහොමහරි මෙයා නිසාම මේ විරෝධතාව සාර්තක වෙලා විමලාරාණිව පොලීසියෙන් අත්තඩංගුවට ගන්නවා.එතනින් තමා කේ.පී කියන මැරයා මෙයාගෙ ජීවිතයට ඇතුල් වෙන්නේ... ඒ විරෝධතාව ටී.වී එකේ විකාශය කරපු කෙනා තමයි ක්‍රිතිකා කියන්නේ.ආදි එයාව හොයාගෙන ගිහින් තමයි එයා එක්ක යාළුවෙන්නේ.හැබැයි ආදිට හවස 6න් පස්සෙ ඇස් පේන්නෙ නෑ කියල ක්‍රිතිකා දන්නේ නෑ. කොහොමහරි ඔහොම ඔහොම කතාව නියමෙටම ගලාගෙන යනවා