www.vishwamovies.com

අම්බිලි කියන්නෙ කාටවත් කරදරයක් නැති තමන් ජීවත්වෙන ගමේ ඉන්න හැමෝගෙම ආදරය දිනාගත්ත තරුණයෙක්. ගතින් තරුණයෙක් වුනත් අම්බිලි තාමත් හිතින් පොඩි එකෙක්. කොටින්ම ඔහුට ටෙඩි බෙයාර් කෙනෙකුත් ඉන්නවා. කුඩා කොලු රංචුවක් එක්ක බොහොම කෙලිදෙලෙන් ඔහුගේ ජීවිතය ගතවෙනවා. අම්බිලිගේ මේ තියන ළමා හැසිරීම නිසා ඔහු එක්තරා දුරකට නිදහස් මනුස්සයෙක් විදියට ජීවත් වෙනවා. අම්බිලිට ඉන්නවා එයා පොඩි කාලේ මුණ ගැහුන ක්‍රෂ් එකකුත්. වැ⁣ඩේ කියන්නෙ ඒ ගෑණු ළමයත් අම්බිලිට ඇත්තටම ආදරෙයි.
 ආදරයත් එක්ක අම්බිලිගේ ජීවිතේ මොන මොන විදියට පෙරළෙයිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න.