www.vishwamovies.com

 මේක තමන්ගේ නංගිට වුණ අසාධාරණයක් වෙනුවෙන් වගේම තවත් කිහිප දෙනෙක් වෙනුවෙන්ම සාධාරණය ඉෂ්ඨ කරන්න පෙනී ඉන්න සහෝදරයෙක්ගේ කතාවක්..

කතාව පටන්ගන්නේ පීලි කියන පොඩි ගෑණු ලමයෙකුගෙන්.. පීලි උපදිනකොටම එයාගේ අම්මා නැතිවෙනවා.. එයාගේ අයියා තමයි එයාව හදාගන්නේ මොකද පීලිගේ තාත්තා මතට තදින්ම ඇබ්බැහි වෙලා ජීවිතේ විනාස කරගෙන දරුවන්ව පවා පාවල දෙන තත්වෙකට පත්වෙලා ඉන්නේ.. එක දවසක් තමන්ගේ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පීලිව තමන්ගේ යාළුවෙකුට ඔහුගේ කාම ආශාවන් ඉෂ්ඨ කරගන්න ඉඩ හරිනවා. පීලිගේ අයියා මේ තාත්තගෙන දරුවෙක් නෙවෙයි. හැබැයි පීලිට ගොඩක් ආදරෙයි.. ඒ වෙලාවේ හිතට ආපු කේන්තිය නිසා පීලිගේ තාත්තවයි ඔහුගෙ යාළුවාවයි දෙන්නවම ඝාතනය කරනවා… අයියා පීලිවත් දාලා වේගෙන් දුවගෙන යනවා.. ඊට පස්සෙ එකපාරටම වයසක ජෝඩුවක් කසාද බඳින සීන් එකක් තියෙන්නේ.
ඒ කසාදේ ආහාර පාන සපයන්න ඉන්න රොනී තමයි කතාවේ වීරයා වෙන්නෙ.. එයාටත් නංගි කෙනෙක් ඉන්නවා. ඉතින් එයාගේ නංගි කසාද බැඳලා මධුසමය ගතකරන්න ගිය වෙලාවේ, මනමාලයාව බොහොම කුරිරු විදියට ඝාතනය කරනවා මෙහෙම කරන්නේ කවුද ? රොනීගේ නංගිගේ සැමියා විතරක් නෙවෙයි, මේ විදියට තවත් කීප දෙනෙක්ම මැරෙනවා එක නරුමයෙක් නිසා.. ඔයාලට ටිකක් බලාගෙන යනකොට හිතේවි මේ පුද්ගලයා පීලිගේ අයියද කියලත්.. ඒක එහෙම වෙයිද නොවෙයිද කියලා දැනගන්න බලන්නම වෙනවා..