www.vishwamovies.com

දෙවන ලෝක යුද්ධයේදි ජපාන අධිරාජ්‍යය කරපු ලොකුම වැරැද්ද මොකද්ද?ඒ තමයි ඇමරිකාවේ පර්ල් වරායට කල දැවැන්ත ප්‍රහාරය .නොසිතූ මොහොතක යුධ ආචාර ධර්ම පවා කඩ කරමින් ජපානය එල්ල කල මේ ප්‍රහාරය  හේතුවෙන් එතෙක් මේ ලෝක යුද්ධයෙන් බේරගෙන හිටපු ඇමරිකාව ලෝක යුද්ධයට සම්බන්ධ මිත්‍ර පාර්ශවයන්ට එකතු  වෙනවා පමණක් නොවෙයි ජපානය බිමටම සමතලා කරලයි පස්ස බලන්නෙ. එහිදී    ඔවුන් ජපානයේ  ඔකිනාවා නගරය අල්ලා ගැනීමට හැක්සෝ වැටියේදී කල සටනට දායකත්වය දුන්  සුවිශේෂී පුද්ගලයෙක් ගැන තමයි මේ චිත්‍රපටයෙන් කතා කෙරෙන්නෙ. ඔහු නමින් ඩෙස්මන්ඩ්  ඩොස්.ඩෙස්මන්ඩ්ගෙ තාත්තත් පළමු ලෝක යුද්ධයේදී රට වෙනුවෙන්සටන් කල දැන් විශ්‍රාමික අයෙක්. පියාගේ අඩිපාරේම යමින්  ඩෙස්මන්ඩ්ගෙ සහෝදරයා හැල් ඩොසුත් හමුදා සේවයට එකතු වෙනව. හැබැයි ඩෙස්මන්ඩ් කියන්නෙ බොහොම නිවුණු ආගම  දහමට ලැදි කරුණාවන්ත කෙනෙක් ඔහු යුද්ධයට කැමති නෑ. ඒත් දවසක වුණ සිදුවීමකින් ඔහුට කැමැත්තක් ඇතිවෙනව වෛද්‍ය සෙබළෙක් විදියට යුධ හමුදාවට බැඳෙන්න. ඒ විතරක් නෙමෙයි ඔහු හමුදාවට බැඳෙනවා වෛද්‍ය සෙබළෙක් ලෙස.  හැබැයි පුහුණුවෙදි  ඔහු පුහුණුවට වගේම යුද්ධයටත් එක සේ අදාල  එකම එක දෙයක් කිරීම  ප්‍රතික්ෂේප කරනවා.ඔහු මේ ප්‍රතික්ෂේප කරන දේ ඔහුගෙ අණදෙණ නිලධාරීවරයාට මහත් හිසරදයක් වෙනවා
ඔහු ඇතුළු සියල්ලන්ම ඔහු ඒ ප්‍රතික්ෂේප කරන දෙය කරවගන්න විවිධ උත්සාහයන් ගන්නව නමුත් වැඩක් වෙන්නෙ නෑ . ඒ  හේතුවෙන්ම    යුද්ධයට යන්න කලින්ම ඩෙස්මන්ඩ්ට යුධ අධිකරණය ඉදිරිපිටට යන්නත් සිද්ධ වෙනව.