www.vishwamovies.com


“සැබෑ ප්‍රේමවන්තයින් කිසිදා එක්වුනේ නැත…
පසුතැවීමකින් වෙන් උනා මිස…”

ශිවා MeeZaan Jaffrey කියන්නේ මුම්බායි වල නහට අහන් නැති, මැරයෙක් වගේ රස්තියාදු ගගහා ඉන්න දුප්පත් පවුලක “මහරාශ්ටි” කියෙන ජාතියෙ කොල්ලෙක්.. ශිවාටයි, ශිවාගේ අනික් යාලුවන්ටයි මන්ත්‍රි කෙනෙක් ජොබ් එකක් දෙනවා… මෙයාලට තියෙන්නෙ ඉන්දියාවේ වෙන ප්‍රදේශ වලින් මුම්බායට මිනිස්සු පදිංචිය එන එක නවත්තන්න, විශේෂයෙන් උතුරු ඉන්දියාවෙන්.
ඔහොම ඉන්නකොට උතුරු ඉන්දියාවේ “ත්‍රිපාටි” පවුලක් මෙයාලගේ අල්ලපු ගෙදරට පදිංචියට එනවා…ඒ පවුලේ දුව තමයි අස්ථා කියන්නේ (Sharmin Segal) වෙනස්ම ගති පැවතුම් තියෙන උසස් අධ්‍යාපනය ලබන ගැනු ළමයෙක්…
ඉතින් මේ දෙන්නගේ ආදර කතාව ත් එක්ක ජාති බේද, කුල ගැටුම් වලට මරු පහරක් දෙනවා වගේම ජීවීතේ ගොඩනගන්න විදිහ ගැන මාර පාඩම් ටිකක් කියලා දෙනවා… අනිවාරෙන්ම බලන්න කියල කියන්න තරම් වටිනවා… අවසනයේ ඇසට කදුළක් උනාවී නිසැකයි..