www.vishwamovies.com

හෝමෝනයකට වෛරස් එකක් ආසාදනය වෙලා පෙනුම වයසක වෙච්ච පිරිමි ළමයෙක් වුන “ක්‍රිස්ටොපර්” ට සමාජයෙන් කොන් වෙන්න වෙනවා…එයාව හැමෝම පිලිකුල් කරලා කොන් කරද්දි එයාට එක ගැණූ ළමයෙක් උදව් කරන්න ඉදිරිපත් වෙනවා…මේ හැම දෙයක්ම සිද්ධවෙන අතරේ එයාගේ අම්මට ඕන උනා එයාව දක්ෂ ජනප්‍රිය මැජීක් ශිල්පියෙක් කරන්න ….ඉතින් ක්‍රිස්ටොපර් ගේ අම්මා මෙයාට තිබිච්ච විකෘති වෙච්ච වයසක මුහුණ ගැන එයා හිතන එක වලක්වන්න එයාට මැජික් ඉගෙන්නුවා..එයත් ඒවා හොඳින් ප්‍රගුණ කරා…එත් ඉස්කොලෙදි ⁣ක්‍රිස්ටොපර්ට උදව් කරපු සොෆියා කියන ගෑණු ළමයා ගැන මෙයාට ආදරයක් ඇති වෙනවා..පස්සේ ක්‍රිස්ටොපරුයි ඒ ගෑණූ ළමයයි අතර අඩදබරයක් ඇතිවෙලා ..සොෆියා ක්‍රිස්ටොපර්ට නපුංසකයා කියලා බැන වදිනවා..මේක ඉස්කොලේ පුරාම ඉන්න ළමයි ක්‍රිස්ටොපර්ට කියන්න ගත්තා..නපුංසකයා කියලා..මේ ගැන දැනගෙන මේරි කියන ක්‍රිස්ටොපර්ගේ අම්මා ක්‍රිස්ටොපර්ගේ හිත හදන්න කොච්චර උත්සාහාකරත් එයාට හිත හදාගන්න බැරිවෙලා එයා මානසික ලෙඩෙක් වෙනවා..ඊට පසිසේ මේක දැකපු ඒයාගේ අම්මා මේකට වග කියන්න ඕන සොෆියා කියන ගෑණූ ළමයව අමානුෂික විදියට මරලා දානවා….
අවුරුදු ගානකට පස්සේ අම්මා වගේම ක්‍රිස්ටොපරූත් දරුණු විදියට මිනිස්සුන්ව මරලා දාන්න පුරුදු වෙනවා..ක්‍රිස්ටොපර් ඉස්කොල වල ඉන්න ගෑණූ ළමයිව පැහැරගෙන ගිහින් අමානුෂික විදියට කපලා කොටලා මරලා දාන්න පටන් ගත්තා..මේ අපරාධ රැල්ල විසදන්නේ අරුන් කියන චිත්‍රපටි අධ්‍යක්ෂ කෙනෙක්.එයාගේ තාත්තා කීර්තිමත් පොලිස් නිලධාරියෙක් වෙලා හිටපු නිසා අරුනුත් පොලිසිය ට බැදෙනවා..ඒ දවස්වල මේ ක්‍රිස්ටොපර් කියන ඝාතකයා පාසල් ළමයි පැහැරගෙන අමානුෂික විදියට මරලා දානවා මේ කේස් එක අන්තිමේදි අරුන් විසඳනවා…අන්තිමේදී අරුන්ගේ අතින් ක්‍රිස්ටොපර් මැරුම් කනවා..මේ දේවල් වෙන අතරේ අරුන් පාසල් ගුරුවරියක් වෙච්ච ක්‍රිෂ්ණා එක්ක පෙමෙන් බැදෙනවා.