www.vishwamovies.com

සෝයිගේ මියයාමත් එක්ක තමයි කතාව පටන් ගන්නේ... ඇත්තටම කිව්වොත් ඇයව පුද්ගලයෙකු මරා දමනවා. ඇයගේ නිසල සිරුර පොලිසියට හමුවෙන්නේ පාළු තැනක වාහනයක් ඇතුලේ දමා ගොස් තිබියදි තමයි... එත් මොකට මරා දැම්මාද ඇයි මරා දැම්මේ කියන එක පොලිසිය මේ මරණය වෙනුවෙන් අල්ලගත්ත අපරාධකරුවාවත් හරියට ප්‍ර‍කාශ කරන්නේ නැහැ... සෝයිගේ නංඟි තමයි එකෝ කියන්නේ... එකෝට මේ මරණය වගේම අක්කා මේ සිදුවිම වෙන්න කලින් හැසිරුනු විදිය සැකසහිත නිසාම ඇය මේ ගැන හොයන්න උත්සහා කරනවා. එකෝ මේ වෙද්දි උසස්පාසල් ශිෂ්‍යාවක්... ඇයගේ අක්කා ගැන මේ කැම්පස් එකෙත් ගොඩක් අය ඉන්නේ දුක්මුසු හැගිමකින්...සෝයි ආශ්‍ර‍ කරපු පෙම්වතා තමයි චෙරිස් කියන්නේ... මුලින්ම එකෝට සැක වෙන්නේ මේ සෝයිගේ පෙම්වතා චෙරිස් ගැන. ඔහු කැම්පස් එකෙත් ටිකක් අභිරහස් චරිතයක්.. කොහොම හරි මේ අතර තමයි සෝයිගේ දිනපොතක් එකෝට හම්බවෙන්නේ... ඇය පහුගිය දින ටිකේ වෙච්ච හැම එකම මේ දිනපොතේ සටහන් කරලා තියනවා... ඉතින් එකෝ මේ දිනපොතේ තියන ඉඟි ඔස්සේ ඇත්තටම සෝයිට මොකද උනේ වගේම එදා රෑ ඇය මැරුම් කන්න හේතු වුන ඇත්තම කාරණය හොයාගෙන යනවා. ඒ සෙවිම නිසාම එකෝට මුණ පාන්න වෙන්නේ නම් ලොකු කරදර ගොඩකට.